සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය
බුදු දහමේ ඓතිහාසික නිර්මාතෘවරයාණන් වූ ශාක්‍යමුණි බුදුන් වහන්සේගේ ඉගැන්වීම්, පොත් හෝ ග්‍රන්ථ විශාල සංඛ්‍යාවක “සූත්‍ර” වශයෙන් වාර්තාගත වී ඇත. සූත්‍ර මගින් ඉදිරිපත් කර ඇති බෞද්ධ දර්ශනයේ ආකාරය පුළුල් අයුරින් විවිධාකාර වේ. මෙය සාධක ගණනාවකින් පැහැදිලි කර හැකි වේ.
උන්වහන්සේගේ ජීවමාන කාලය තුළදී පනස් වසරක් පුරාවට ම ශාක්‍යමුණි බුදුන් වහන්සේ සිය ඉගැන්වීම් මුළු ඉන්දියාව පුරා ම සංචාරය කරමින් දේශනා කල සේක. රාජ්‍ය රාජ මැති ඇමතිවරුන්ගේ සිට පහත් යයි සම්මත කුළ වල ස්ත්‍රී පුරුෂයන් දක්වා පුළුල් පරාසයක පසුබිමකින් යුත් ජනතාව හමු වී උන්වහන්සේ ඔවුන් නැගූ ප්‍රශ්නවලට සහ සැක ඇති තැන්වලට ප්‍රතිචාර දැක්වූ සේක. මේ අතරින් උන්වහන්සේ උත්සාහ ගත්තේ මිනිස් පැවැත්ම ගැන නැගූ මූලික ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට යි. අප ඉපදුනේ ඇයි? එමෙන් ම ලෙඩ වීම, වියපත් වීම සහ මරණය යන වේදනාවන් අනිවාර්යයෙන් ම හමු වන්නේ ඇයි?
ශාක්‍යමුණි බුදුන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසුව එළඹුන වර්ෂවලදී මෙම සූත්‍ර සියල්ල ම එක්රැස් කර ලේඛන ගත කරන ලදී. ක්‍රිස්තු වර්ෂ පළමු සහ දෙවන සියවස් තුළදී සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයද එකට එක් කරමින් ලේඛන කළ බව සිතා ගත හැකි වේ. සංස්කෘත භාෂාවෙන් මෙම සූත්‍රය සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය යනුවෙන් හැඳින්වෙන අතර මෙහි අදහස වන්නේ “නිවැරදි ධර්මයේ සුදු නෙළුම් සූත්‍රයයි”. අනෙකුත් මහායාන සූත්‍ර සේ මෙම සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයද “උතුරු විකාශනය” මගින් මධ්‍යම ආසියාව, චීනය, කොරියාව සහ ජපානයට ව්‍යාප්ත විය. ක්‍රිස්තු වර්ෂ 3 වැනි සියවසේදී චීනයට ඇතුළ් වූ මෙම සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය චීන භාෂාවේ විවිධ සුවිශේෂිත සංස්කරණ කිහිපයකට පරිවර්තනය කල බව කියනු ලැබේ. කුමාරජීව හිමියන් විසින් පස්වන සියවසේදී කරනු ලැබූ පරිවර්තනය විශේෂයෙන් ම කැපී පෙනෙන බව සලකණු ලැබේ. දාර්ශනික පැහැදිලි කිරීම් සහ සාහිත්‍යමය අලංකාරය නැගෙනහිර ආසියාව පුරාවට ම මෙම සූත්‍රයට පුළුල් අයුරින් පැතිරී ගිය ගෞරව දැන්වීමේ භූමිකාව බව සිතා ගත හැකි ය.
කුමාරජීව හිමියන්ගේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ සිරස් තලය වූ “ම්‍යෝ හෝ රෙන්ගේ ක්‍යෝ” හී මුළු සූත්‍රයේ ම සාරය අඩංගු වේ. මෙම සාක්ෂාත්කරණයේ මූලධර්ම මත දයිෂෝණින් මුණිතුමා(ජපානය) “ නම් ම්‍යෝ හෝ රෙන්ගේ ක්‍යෝ” නමැති සජ්ජායනය සිය බෞද්ධ ප්‍රායෝගික පුරුදු පුහුණු කිරීමේ සාරය සේ ස්ථාපනය කළහ.
සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ කරුණු සලකා බැලීමෙන් නිගමනය කළේ මෙම සූත්‍රය තුළින් ශාක්‍යමුණි බුදුන් වහන්සේගේ ලොව පහළ වීමේ අරමුණ සපුරාලන බව යි. එය මෙවන් වූ වචන වලින් ප්‍රකාශ කර ඇත. “ආරම්භයේදී මම ප්‍රතිඥාවක් දුනිමි . එනම් අප අතරේ කිසිදු වෙනසක් නොමැතිව සෑම සියලූ දෙනා ම මා හා සම්බන්ධ වන බවට අපේක්ෂා කිරීම යි.වෙනත් වචන වලින් කිවහොත් ශාක්‍යමුණි බුදුන් වහන්සේගේ ලොව පහළ වීfමි අරමුණ වන්නේ “බුද්ධ” යනුවෙන් හැඳින්වීම සඳහා තමාට හේතු වූ පරිපූර්ණ සර්වඥත්ව නමැති ස්වභාවයට සෑම දෙනා හට ම එළඹීමේ හැකියාව ලබා දීමයි. බුදු දහමේ ඉගැන්වීම්වල සන්දර්භය තුළදීත් කාලයට අනුව පුළුල් වූ සමාජයීය සන්දර්භය තුළදීත් සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ අඩංගු වී ඇති සංකල්ප ගණනාව විප්ලවීය වේ. මෙයින් බොහොමයක් සවිස්තරව සඳහන් කර නැති නමුත් ඒවායින් අදහස් කර ඇත්තේ මනඃකල්පිතව පෙනෙන අවස්ථාවන් මෙම පොතෙන් විචිත්‍රව වචනයෙන් මැවීම යි. මියගිය ප්‍රතිභාවන්ත වියතුන් බොහොමයක් අතුරින් ති එන් තායි තුමා වැනි ප`ඩිවරුන් තම කුසලතාවයන් භාවිත කළේ මෙම සූත්‍රයේ සිද්ධාන්තවල සාරය උපුටාගෙන ක්‍රමවත්ව සැකසීමට ය.
මෙම සූත්‍රයේ හරවත් තේමාව වූයේ සියලූ දෙනාට ම එක හා සමානව අතිශෝක්තියකින් තොර ව බුද්ධ ස්වභාවය පිහිටා තිබෙන බවය. සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ පණිවිඩය වන්නේ ඔවුන්ගේ බුද්ධ ස්වභාවය තුළින් ම ඔවුන්ගේ ප්‍රඥාව ධෛර්යය සහ දයානුකම්පාව සඳහා වූ සහජ හැකියාව තුළින් ජනතාවගේ ශ්‍රද්ධාව දිරිමත් කිරීමයි.